දඬුවම්වලින් දරුවන්ගේ මනසට වන හානිය ගැන අලුත් අනාවරණයක්

දරුවන්ට දැඩි දඬුවම් පැනවීමෙන් දරුවන්ගේ මනසට බරපතල හානි සිදුවිය හැකි බව පරීක්ෂණවලින් ඔප්පු වී ඇතැයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ වැඩසටහනකට සහභාගී වූ ප්‍රියනාත් ජයසූරිය පවසනවා. ඔහු කියා සිටියේ මනසට සිදුවන හානිය අනාගතයේදී එම දරුවා තීන්දු තීරණ ගැනීමට පවා බලපෑම් කරන බවයි.
දරුවන්ගේ මනසට හානියක් සිදුවුවහොත් එහි දීර්ඝ කාලීන බලපෑම වෙනස් කිරීම අතිශය අපහසු වන බවද මෙහිදී අනාවරණ කෙරුණා.