ලොව පුරා වායු තත්ත්වය ගැන සොයාබලන “IQAir” නම් සමාගම විසින් 2022 වසරේ විවිධ රටවල වායු දුෂණ මට්ටම් එළි දක්වා ඇත.
ඒ අනුව ඔස්ට්‍රේලියාව, එස්ටෝනියාව, ෆින්ලන්තය, ග්‍රෙනඩාව, අයිස්ලන්තය, සහ නවසීලන්ත පසුගිය වසරේ හොඳම වායු තත්ත්වය සහිත රටවල් ලෙස සඳහන් විය.
එසේම 2022 වසරේදී ලොව වායු දූෂණය වැඩිම රට ලෙස වාර්තා වී ඇත්තේ චැඩ් රාජ්‍යයයි.
ඊට අමතරව ඉරාකය, පාකිස්තානය, බහරේන්, බංග්ලාදේශය, බුර්කිනා ෆේසෝ, කුවේට්, ඉන්දියාව සහ ඊජිප්තුව සහ තජිකිස්තානය එම ලැයිස්තුවේ ඉදිරියෙන් ඇත.
අනෙක් වසර වලට සාපේක්ෂව 2022 වසරේ, ලොව වායු දූෂණය භයානක ලෙස ඉහළ ගොස් ඇත.

