නව බදු ප්‍රතිපත්තියට එරෙහිව අදත් විරෝධතා

ආණ්ඩුවේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සිට වැඩවර්ජනයක නිරත වේ . එහි මූලික අදියර ලෙස අද දිනයේ බස්නාහිර, දකුණ, නැගෙනහිර සහ මධ්‍යම යන පළාත් 04 තුළ මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වේ.

වර්ජනය ක්‍රියාත්මක වන පළාත් හතර තුළ පිහිටි රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවාවන් හැර අනෙකුත් සියලු සේවාවන් බිඳවැටෙනු ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

තවද ලංකා බැංකු සේවක සංගමයට අයත් සියලුම බැංකු සේවකයින් අද දිනයේ කළු ඇඳුමින් සැරසී විරෝධතාවයක නිරත වීමට සැලසුම් කර ඇති අතර වරාය සේවකයින් ද අද සිට පැය 48ක අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට නියමිතය.