උතුරු සහ නැගෙනහිර පුරාවිද්‍යා ස්ථානවලට වැඩි අවධානයක්

උතුරු සහ නැගෙනහිර පළාත්වල පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධයෙන් නව පුරා විද්‍යා උපදේශක කමිටුවේ වැඩි අවධානයක් යොමු කරන බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි.

එම පළාත්වල ඇතැම් පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධයෙන් විවිධ ජාතීන් අතර ගැටුම් ඇති වූ බැවින් එම ගැටුම් වලක්වා ගැනීමට වැඩපිළිවෙලක් සකසන බව වැඩිදුරටත් පවසයි.