ජර්මනියේ දේවස්ථානයක වෙඩි තැබීමක්

ජර්මනියේ හැම්බර්ග් නගරයේ දේවස්ථානයක සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් කිහිප දෙනෙකු වෙඩිවැදීමෙන් තුවාල ලබා ඇති බවයි.

ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබිම සිදු කළේ , කවුරුන් ද සහ කුමන චේනතාවකින්ද යන්න මෙතෙක් හෙළිවී නොමැත.

වෙඩි තැබීමට සම්බන්ධ තුවක්කුකරුවෙකු ද මියගොස් ඇති බවට විශ්වාස කරන බව ජර්මානු පොලිසිය පවසයි.