ශ්‍රී ලංකාවට සුබවාදී පණිවුඩයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඊයේ (07) ලැබී තිබේ.
එහි සඳහන් වන්නේ ශ්‍රී ලංකාව ප්‍රධාන ද්විපාර්ශ්වි ණයහිමියන්ගෙන් මූල්‍ය සහතිකයන් මේ වනවිට ලබාගෙන ඇති බවය.
එසේම 2022 සැප්තැම්බර් 01 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹි එකඟතාවය, අනුමැතිය සඳහා සලකාබැලීම වෙනුවෙන් මාර්තු 20 වනදා පැවැත්වෙන IMF විධායක මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට ද ඉන් අවස්ථාව සැලසෙයි.
එමගින් ශ්‍රී ලංකාවට අපේක්ෂිත විස්තීර්ණ මූල්‍ය පහසුකම හිමිකරගත හැකි වෙතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝජියේවා විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබා තිබේ.
එහි දැක්වෙන්නේ චීනය, ඉන්දියාව සහ පැරිස් සමාජය ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණයහිමියන්ගේ මූල්‍ය සහතික ලබාගැනීම සහ තීරණාත්මක ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගැනීමේදී ශ්‍රී ලංකා බලධාරීන් ලබා ඇති ප්‍රගතිය තමා පිළිගන්නා බවය.
ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මාර්තු මස 20 වනදා IMF විධායක මණ්ඩලයට, ශ්‍රී ලංකාවට සහාය දක්වන වැඩසටහන අනුමත කිරීම සඳහා ඉදිරිපත් කිරීමට තමා බලාපොරොත්තු වන බවය.

