රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ (03) තවත් ශක්තිමත් වී තිබුණි.

ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 334.50ක් ලෙස අද සටහන් වෙද්දී එහි විකිණුම් මිල දැක්වුණේ රුපියල් 348.03ක් ලෙසිනි.

පසුගිය දින 07ක කාලය තුළදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත්වු අතර මාස 10කට පසුව අමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් මෙරට වාර්තා වූ අවම රුපියලේ අගය ඊයේ සටහන් වී තිබුණි.