මීට වසර ගණනාවකට පෙර කලා ක්ෂේත්රයට පිවිසෙන ඇය මේ වන විට රංගනය ඔස්සේ ඉතාමත් ප්රවීනත්වයට පැමිණ තිබෙනවා.චිත්‍රපටි රැසකට සහ ටෙලි නාට්‍ය රැසකට සිය රංගන දායකත්වය ලබාදී තිබෙන ඇයට ඒ ඔස්සේ ඉහළම ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකි වුණා.ඒ වගේම තමයි ඇය රංගන දායකත්වය ලබා දුන් ලබා දුන් නිර්මාණයන් සඳහා ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගැනීමට හැකිවුණා.ඊට හොඳම උදාහරණය තමයි ඇය රංගන දායකත්වය ලබා දුන් තණමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍යය සඳහා ලැබුණු ප්‍රතිචාර කොයි තරම් ඉහළින් තිබුනාද යන්න වග.
නමුත් ඒ තරම් ප්‍රවීණත්වයකින් යුත් ඇයට අද දින ඉතාමත් කණගාටුදායක එක්තරා සිදුවීමක් වෙනවා.ඒ ඇය රංගන දායකත්වය ලබා දුන් තණමල්විල කොල්ලෙක් හි යශෝධාගෙ චරිතය හොඳම නිළිය සම්මානය සඳහා යෝජනා වීමට තරම් ප්රශස්ත මට්ටමක නැති වන බවට ජූරිය මඟින් ප්‍රකාශ කර තිබීම.මේ පිළිබඳව එය ඉතාමත් සංවේදී සහ කනගාටුවට පත්වෙමින් සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි සටහනක් තබා තිබුණා.
“මා අද උදෑසන මේ බලා සිටින්නේ 2020 වර්ෂය තුළ විකාශය වූ ටෙලි නිර්මාණ වෙනුවෙන් නාම යෝජනා වූ ශිල්පීන් ගේ නම් ප්‍රකාශයට පත් කළ මාධ්‍ය උත්සවය දෙසය.
සුවිශාල ලෙස ජනතා පුසාදයට සහ ජූරි විසින් වෙනත් උළෙළ වලදී සියලු අංශ සඳහා සම්මානයට පාත්රවූ තණමල්විල කොල්ලෙක් නාට්‍ය නාම යෝජනා දෙසය.
අන් සෑම ටෙලි සම්මාන උළෙල වලදී වගේම අද සුමති සම්මාන ප්‍රකාශයේත් තණමල්විල කොල්ලෙක් හි ප්‍රධාන කාන්තා භූමිකාව වූ යශෝදරා චරිතය රඟපෑ මගේ නම හොඳම නීළිය යන නම් ගෝන්නේ නාම යෝජනා ලැබීමට තරම් මගේ රංගනය ප්රශස්ත මට්ටමේ නොමැති බව ගරැ ජූරිය විසින් තීරණය කර ඇත.
දශක තුනහමාරක් මා රඟපෑ ටෙලිවිෂන් චරිත කිසිදා අද වනතුරැත් හොඳම නිළිය අංශය සඳහා අඩුම තරමේ නාම යෝජනා ලබා නොමැත.
මගේ රංගන හැකියාව ඒ තරම් පහත් මට්ටමකද පවතින්නේ?
මගේ ආදරණීය ජනතා ජූරියට භාරයි මෙය තීරණය කරන්නට.
යශෝදා විමලධර්ම
2023.01.23″

