2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (23) ආරම්භ වේ.
පාසල් අයැදුම්කරුවන් 278,196 ක් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 53,513 ක් මෙවර විභාගය සඳහා පෙනී සිටීමට නියමිත ය.
දිවයින පුරා ස්ථාපිත විභාග මධ්‍යස්ථාන සංඛ්‍යාව 2200 ක් වන අතර අද (23) ආරම්භ වන උසස් පෙළ විභාගය පෙබරවාරි 17 වැනිදා අවසන්වීමට නියමිත බව, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ ය.

