පැනවූ පාලන මිලද නොතකා වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳසැල් රැසක් වටලා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම අද (22) සිදුකෙරුණි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා අවධාරණය කරන්නේ, වැඩි මිලට බිත්තර අලෙවි කරන්න සාමාන්‍ය වෙළෙඳසැල් සඳහා රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ පහ දක්වා වන දඩ මුදල් පැනවෙන අතර සමාගම් ලෙස ලියාපදිංචි අලෙවිසැල් සඳහා රුපියල් ලක්ෂ 10 සිට ලක්ෂ 50 දක්වා දඩ මුදලකට යටත්වීමට සිදුවනු ඇති බවය.
බිත්තර මිල ඉහළයාම පාලනය කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය නීතිපති උපදෙස් මත පසුගිය 20 වැනිදා නව ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

