ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වහාම නිදහස් කළ යුතු බවට මානව හිමිකම් සංවිධාන 7 ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ආණ්ඩුව අත්තනෝමතික ලෙස ඔහු රඳවා තබා ගැනීම දැඩි ලෙස මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් බවයි ඔවුන් සිය නිවේදනය මඟින් පෙන්වා දෙනවා.

