වෙඩිතබා පුද්ගලයෙක්ව ඝාතනය කෙරේ

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තිදරු පියෙකුව වෙඩිතබා ඝාතනය කර තිබේ.

අද (11) උදෑසන මෙම වෙඩිතැබීම සිදුවී තිබුණේ පනාමුර කැම්පනේ ප්‍රදේශයේදීය.

රාජා දයානන්ද නමැති 50 හැවිරිදි ඔහු සිය දරුවා ව පාසල වෙත ඇරලවා ආපසු නිවස බලා පැමිණෙමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්වී ඇත.

ඒ, කැම්පනේ අලුත් පාර ප්‍රදේශයේ පාළු නිවාස දෙකක් ආසන්නයේ ඇති වංගුවකදීය.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන පනාමුර පොලීසිය සඳහන් කළේ වෙඩිතැබීම සිදුකළ සැකකරු සොයා විමර්ශන ආරම්භ කර ඇති බවය.