නව දුම්රිය කාල සටහනක් පෙබරවාරි මුල

එළඹෙන පෙබරවාරි මාසයේ සිට නව දුම්රිය කාලසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ අනුව පවතින ධාරිතාව අනුව එම නව දුම්රිය කාලසටහන හඳුන්වා දෙන බවයි ප්‍රවාහන හා මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී අමාත්‍යවරයා සඳහන් කර තිබෙන්නේ.

මාධ්‍ය මගින් වාර්තා කළ ආකාරයට සේවකයින් විශ්‍රාම යෑම හේතුවෙන් දුම්රිය ගමන් වාර අවලංගු නොවූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.