හොන්ඩා වාහනවල ගැටලුවක්

සමහර මාදිලිවල තිරිංග පැඩල් සංවේදකවල (brake pedal sensors) දෝෂ තත්ත්වයක් හේතුවෙන් හොන්ඩා හයිබ්‍රිඩ් මෝටර් රථ 200,000 පමණ යළි කැඳවීමට චීන නියාමන බලධාරීන් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


ඒ අනුව හොන්ඩා සමාගම Dongfeng Motor Group Co එක්ව 2018 ඔක්තෝබර් 8 සිට 2020 සැප්තැම්බර් 7 දක්වා කාලය තුළ නිෂ්පාදිනය කරනු ලැබූ හයිබ්‍රිඩ් වාහන 105,608 ක් මේ අනුව යළි කැඳවීමට ඉඩ ඇති බවයි සඳහන් වන්නේ.


එසේම  2018 අගෝස්තු 27 සහ 2020 අගෝස්තු 6 අතර කාලය තුළ දී Honda සමාගමේ Guang Cobile Group හි නිෂ්පාදන හවුල්කාරිත්වයෙන් නිපදවනු ලැබූ තවත් මොටර් රථ ඒකක 95,081 ක්ද නැවත කැඳවීමට නියමිත බවයි සඳහන් වන්නේ.
මෙම ගැටළුව නිෂ්පාදන ක්‍රියාවලියේදී තිරිංග පැඩල් සංවේදක වලට හඳුන්වා දුන් ලිහිසි තෙල් හා සම්බන්ධ වන අතර එමඟින් කාලයත් සමඟ සංවේදක සමඟ ගැටළු ඇති විය හැකි අතර නැවත කැඳවීම 2023 මාර්තු 31 සිට ආරම්භ වන බවයි රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරනවා.