යළි හිස ඔසවන කුරුලු උණ

කුරුලු උණ රෝගය හේතුවෙන් නයිජර් රාජ්‍යයේ පක්ෂීන් 4,000ක් පමණ මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම කුරුළු ගොවිපොළවල් සිටි අනෙකුත් පක්ෂීන් ද වෛරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීම උදෙසා මරා දැමීමට සිදුවූ බවයි.

මේ අතර පසුගිය සතියේ ඉන්දියාවේ කේරල ප්‍රන්තයේ ද කුරුළු උණ හේතුවෙන් පක්ෂීන් 8,000ක් පමණ මරා දමා තිබෙන අතර ප්‍රංශයේද රට පුරා ගොවිපොළව කුරුළු උණ ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය.