ආහාර උද්ධමනය ඉහළ රටවල් අතර ශ්‍රී ලංකාව 07 වන තැනට


ලෝකයේ ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ලවූ රටවල් අතර ශ්‍රී ලංකාව 7 වෙනි ස්ථානයේ පසුවන බව ලෝක බැංකුව පවසනවා. ලෝක බැංකු වාර්තා අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 74 ක්.

ආහාර උද්ධමනය සියයට 321 ක්ව පවතින සිම්බාබ්වේ රාජ්‍යය ලෝකයේ ආහාර උද්ධමනයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රට ලෙසයි  ලෝක බැංකුව පෙන්වා දෙන්නේ.

ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති දෙවන රට වන්නේ ලෙබනනයි. එහි ආහාර උද්ධමනය සියයට 203 ක්. තෙවන රට වෙනිසියුලාව වන අතර එහි ආහාර උද්ධමනය සියයට 158 ක්ව පවතින බවයි ලෝක බැංකුව පෙන්වා දෙනවා