රුහුණු සරසවි සිසුන් 11 ක් අත්අඩංගුවට

රුහුණු සරසවියේ සිසුන් 11 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය පවසනවා.
ඒ අනුව නවක වද සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස සිසුන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
අත්අඩංගුවට ගත් සිසුන් 11 දෙනා හෙට (20) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.