ගෘහස්ථ ගෑස් සිලින්ඩර 90,000ක ප්‍රමාණයක් අද(12) සිට වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇතැයි ලිට්රෝ සමාගම පවසයි.
එහි සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ ඊයේ, අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ගෑස් සිලින්ඩර නිකුත් කළ බවයි.
ගෑස් මෙට්‍රික් ටොන් තුන්දහස් අටසියක තොගයක් රැගත් නෞකාවක් ඊයේ රාත්‍රීයේ දිවයිනට ළඟා විය.

