කොළඹ සහ බදුල්ල අතර රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කෙරෙයි

අද දින කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය සහ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියයන් දෙකම අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඔහිය හා ඉදල්ගස්හින්න අතර දුම්රිය මාර්ගය වෙත ගස් කඩා වැටීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව  සඳහන් කළේ.