වරායෙන් රටටම සුබ ආරංචියක්

වරාය ලාභ ලබන ආයතනයක් බවට පත්ව ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පසුගිය වර්ෂයට සාපේක්ෂව මෙම වසරේ වරාය රුපියල් බිලියන 24 ක ලාභයක් උපයා ඇති බවය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්  අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර ඉදිරියේදී තවත් මගී නෞකා 06ක් මෙරටට පැමිණීමට නියමිත බව ද එහිදී වැඩිදුරට අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය.