කාන්තාවක් දුම්රියට පනී

දුම්රියට පැන කාන්තාවක් සියදිවි හානිකරගෙන ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 33 හැවිරිදි වියේ පසුවූ රත්ගම ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

මීටියාගොඩ දළුවතුමුල්ල ප්‍රදේශයේදී එම කාන්තාව දුම්රියට පැන ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

ඊයේ (01) මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියට පැන ඇය මෙලෙස සියදිවි හානිකරගෙන ඇත.

මෘත ශරීරය කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර මීටියාගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.