විරෝධතා සදහා වන අයිතිය සහතික කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය චීනයට කියයි.
සාමකාමී රැස්වීම් සහ විරෝධතා සඳහා වන අයිතිය සහතික කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය චීනයට සඳහන් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාගේ ප්‍රකාශිකාව විසින් මාධ්‍ය හමුවක් අමතමින් ඒ බව සඳහන් කර ඇත.
කොවිඩ් ශුන්‍ය ප්‍රතිපත්තිය යටතේ මේ වනවිට චීනය තුළ ක්‍රියාත්මක දැඩි සීමාකිරීම්වලට එරෙහිව සිදුවන විරෝධතා උණුසුම් වී තිබේ.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ කෝවිඩ් සීමා ඉවත් කරන ලෙසට ආරම්භ වූ විරෝධතා අතරතුර චීන ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවට ද විරෝධතාකරුවන් අතරින් හඬ නැගෙන බවය.
කෙසේවෙතත් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රකාශිකාව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ කෝවිඩි සීමා කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වීමට තමන්ට නොහැකි බවය.
එහෙත් සාමාකාමී රැස්වීම් සහ විරෝධතා සඳහා ජනාතාවට අවස්ථාව තිබිය යුතු බව ඇය පවසයි.
මෙම විරෝධතාවලට එරෙහිව චීන පාලනය දැඩි මර්දනකාරී ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරමින් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

