වැල්ලවාය රණ්දෙණිය ප්රදේශයේ වෙලදසැලක් බිඳ එහි තිබූ ටයර් තොගයක් සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදීයි.
සැකකරුවන් සියඹලාණ්ඩුව ප්රදේශයේ ටයර් අලෙවිසැලකින් ද රුපියල් ලක්ෂ විස්සකට ආසන්න වටිනාකමකින් යුතු ටයර් තොගයක් සොරකම් කර පසුව එම ටයර් වැල්ලවාය ප්රදේශය දක්වා රැගෙනවිත් සගවා තබාගෙන සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
සැකකරුවන් සන්තකයේ තිබී සොරකම් කරන ලද ටයර් තොගයෙන් කොටසක් ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් දෙදෙනා රණ්දෙණිය ප්රදේශයේ පදිංචිකරුවන් වන අතර එම සැකකරුවන් වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

