2023 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව ගැන දැනුම්දීමක්

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2023 වසරේ අප්‍රේල් මස අග භාගයේදී හෝ මැයි මස මුලදී පැවැත්වීමට කටයුතු කරන අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඒ අනුව එළඹෙන වසරේදී නියමිත කාලය තුළ විභාග පැවැත්වීමට හැකි සෑම උත්සහයක්ම ගන්නා බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර පාසල් නිල ඇඳුම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, චීනයෙන් නිල ඇඳුම් 70% ක් ලැබෙන බවත් එහි පළමු තොගය දෙසැම්බර් 03 වන සතිය වන විට ලැබීමට නියමිත බවයි.