රැකියා සඳහා විදෙස්ගත වන ශ්රී ලාංකික කාන්තාවන් ඕමානයට රැගෙන ගොස් අතරමං කිරීමේ ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු ඊයේ (24) දින අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු 47 හැවිරිදි මාලිගාවත්ත ප්රදේශයේ පදිංචිකරුවෙකි.
එම සැකකරුව කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මෙම සිද්ධියට අදාළව මීට පෙරද සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමෘද්රීය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කටයුතු කළේය.

