හෙට සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් පහත දමන බව ලංකා සතොස පවසනවා. ඒ අනුව සුදු සීනි කිලෝවක් රුපියල් 9කින් පහත දමන බවත් එහි කිලෝවක නව මිල රුපියල් 229ක් වන බවත් ලංකා සතොස සභාපති පසද යාපා අබේවර්ධන පැවසුවා.
තිරිගු පිටි කිලෝවක්ද රුපියල් 14කින් හෙට සිට පහත දමන බවයි ලංකා සතොස පැවසුවේ. එහි නව මිල වන්නේ රුපියල් 265ක්. සුදු ලූණු කිලෝවක මිල රුපියල් 30කින් පහත දමන අතර රුපියල් 495කට හෙට සිට සුදු ලූණු කිලෝවක් මිලදී ගැනීමට හැකි බවයි ලංකා සතොස සභාපතිවරයා පැවසුවේ.
ලොකු ලූණු කිලෝවක මිලද රුපියල් 43කින් පහත දමන බවත් එම කිලෝවක් හෙට සිට රුපියල් 255ක මුදලකට ලබා ගත හැකි වනවා.
එමෙන්ම දේශීය ලොකු සැමන් ටින් එකක් රුපියල් 540ක මිලකටද හෙට සිට මිලදී ගත හැකි බවයි ලංකා සතොස සභාපති පසද යාපා අබේවර්ධන වැඩිදුරටත් පැවසුවේ.

