ගෝල 1-1ක් ලෙස ජයපරාජයෙන් තොරව අවසන් වූ ඇමෙරිකා – වේල්ස් තරගයේ ඇමෙරිකාව වාර්තා කළ ගෝලය පැති කිහිපයකින් ඇමරිකාවට සුවිශේෂී වෙයි. ඉන් එක් විශේෂත්වයක් වන්නේ ඔවුන් වසර 08කට පසුව ලෝක කුසලානයකදී වාර්තා කළ පළමු ගෝලය එය වීමයි. කෙසේ නමුත් ඊටත් වඩා විශේෂත්වය වන්නේ එම ගෝලය වාර්තාකළ ඉදිරිපෙළ ක්රීඩකයා ය. ටිම් වීයා නම් වූ එම ක්රීඩකයා එසේ මෙසේ පුද්ගලයෙකු නොවන අතර, ඔහු ජනාධිපතිවරයෙකුගේ පුත්රයකු වෙයි. ඇමරිකාව නියෝජනය කරන ටිම් වියාගේ පියා ලෝක ප්රසිද්ධ පුද්ගලයෙකු වූ ලයිබීරියානු ජනාධිපති ජෝජ් වීයාය.


