වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට (11) දිනයේ සිට ගෘහස්ථ හා නුපුහුණු ක්ෂේත්රයන්හි රැකියා සඳහා කාන්තාවන්, රැකියා නියෝජිත ආයතන මගින් විදේශගත කිරීම අත්හිටුවීමට කටයුතු කර තිබෙනවා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
සංචාරක වීසා මගින් විදේශ රැකියා සඳහා යොමු වූ කාන්තාවන් විවිධ හිරිහැරයන්ට ලක් වූ බවට තොරතුරු වාර්තා වූ බව එම කාර්යාංශය සඳහන් වැඩිදුරටත් සඳහන් කරයි.
ඔවුන්ගෙන් වැඩි පිරිසක් ඕමාන් සහ එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේ රැකියා සඳහා යොමු වූ පුද්ගලයින් බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ඔවුන් සංචාරක වීසා මත විදෙස්ගතව රැකියා නොමැතිව අතරමන්ව ඇති බවට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් තොරතුරු වාර්තා වී ඇති අතර ඔවුන්ගේ වගකීම භාරගැනීම සඳහා කිසිදු ආයතනයක් හෝ පුද්ගලයෙකු ඉදිරිපත්වී නොමැති බැවින් ඔවුන් විවිධ හැරිහැරයන්ට ලක්වන බව තානාපති කාර්යාල දැනුම්දී ඇත.
ඒ අනුව ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට ද ගැටලුකාරි තත්ත්වයත් මතුව ඇති බැවින් සංචාරක වීසා මගින් නුපුහුණු රැකියා සඳහා කාන්තාවන් යොමු කිරීම තහනම් කරන ලෙස ද කම්කරු අමාත්‍යාංශය වෙත දැනුම්දී ඇති බව ද සඳහන්වේ.

