රන්ජන් කටුනායකදී ආපසු හරවා යවයි

විදේශගතවීමට ගිය රන්ජන් රාමනායක මහතා කටුනායක ගුවන්තොටුපළේ දී ආගමන විගමන නිලධාරීන් ඊයේ (27) පස්වරුවේ ආපසු හරවා යවා තිබේ.

කටුනායක ගුවන්තොටුපළේ ආගමන විගමන ඒකකය සඳහන් කළේ, ඔහුට විදෙස් ගමන් තහනමක් තිබීම හේතුවෙන් එලෙස හරවා යැවූ බවයි.