රිය අනතුරුවලින් 40% ක්ම යතුරු පැදි අනතුරු

දැනට සිදුවන රිය අනතුරුවලින් 40%ක්ම යතුරුපැදි ආශ්‍රිතව සිදුවන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.
එහි සභාපති ඇන්ටන් ද මෙල් මහතා සඳහන් කළේ, යතුරුපැදි අනතුරු අවම කර ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පර්යේෂණයක් ආරම්භ කර ඇති බවය.

ඒ, මොරටුව විශ්වවිද්‍යාලය සමග එක්වයි.