මම හැම රටක්ම උදව් කරා

සිය ධුර කාලය තුළ පැවැති අයුරින් මිත්‍රශිලි විදේශ ප්‍රතිපත්තියක් රටේ නොමැති වීම පවතින අර්බුදකාරි තත්ත්වය උග්‍රවීමට හේතු වී ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ පසුගිය වසර තුනක කාලය තුළ ගනු ලැබු තීන්දු තීරණ ජනතාව අතර මෙන්ම රජය තුළ ද  දැඩි ප්‍රශ්නකාරී තත්ත්වයක් නිර්මාණය කර ඇති බවය.

පොළොන්නරුව ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම අදහස් පළ කළේය.