නීතිඥවරියක් පැදවූ මෝටර් රථයක් ගසක ගැටී, 3ක් මියයයි

අනුරාධපුර – පාදෙණිය ප්‍රධාන මාර්ගයේ නාගොල්ලාගම ප්‍රදේශයේ අද සිදුවූ රිය අනතුරකින් කුඩා දරුවෙකු ඇතුලු එකම පවුලේ තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. පොලිසිය සඳහන් කළේ, අනතුරින් තුවාල ලැබූ දරුවාගේ මව සහ තවත් කාන්තාවක් බරපතල තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති බවයි. අනුරාධපුර සිට පාදෙණිය දෙසට ගමන්කළ මොවුන් රැගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන අසළ ගසක ගැටී මෙම අනතුර සිදු වුණා.

අනතුර සිදුවන අවස්ථාවේදි මෝටර් රථයේ පස් දෙනෙකු ගමන් කර ඇති අතර මියගොස් ඇත්තේ මෝටර් රථය පැදවූ කාන්තාවගේ 70 හැවිරිදි මව , 71 ඇය සහ මියගිය පුද්ගලයින් අනුරාධපුර – ගුවන්තොටුපළ පාර ප්‍රදේශයේ පදිංචි කරුවන් වනවා. අනතුරින් තුවාල ලැබූ ඥාතී කාන්තාව කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇගේ නිවසට යමින් සිටිය දී මෙම අනතුර සිදුව තිබෙනවා. ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.