මසකට ගෙවන බද්ද රුපියල් 28,000 යි

රී ලංකාවේ සාමාන්‍ය පවුලක බදුබර 2021 වසරට සාපේක්ෂව 2022 වර්ෂයේදී සියයට 42කින් පමණ වැඩිවී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතාගේ මූලිකත්වයෙන් කෙරුණු පරීක්ෂණයකදී තොරතුරු අනාවරණය වී ඇත.

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලක් (සිවු දෙනකුගෙන් යුතු) මාසයකට රුපියල් 28,000 බදු මුදලක් රජයට ගෙවන බව එම පරීක්ෂණයේදී තොරතුරු හෙළිවූයේ යැයි මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවැසීය.