පුටින්ට බියෙන් රට අතහැර යයි


රුසියානු හමුදාවට අලුත් සාමාජකයින් බඳවා ගැනීමට ජනාධිපති ව්ලැද්මීර් පුටින් කර ඇති නියෝගය හේතුවෙන් රට අතහැර පළායන එරට වැසියන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ රුසියාවට ආසන්න ජෝර්ජියා දේශ සීමාවේ දිගු රථවාහන පෝලිම් නිර්මාණයවී ඇති බවයි.