පොහොය දිනයේදී සියලුම විහාරස්ථාන අඳුරේ

විහාරස්ථාන හා ආගමික ස්ථානවල විදුලි බිල ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් එළඹෙන පොහොය දිනයේ දී දිවයිනේ සියලු වෙහෙර විහාරස්ථාන අඳුරේ තබා විරෝධය දක්වන ලෙස රාමඤ්ඤ මහා නිකායේ මධ්‍යම පළාත් මහා සංඝ සභාවට යෝජනාවක් ඉදිරිපත්වී තිබෙනවා. රාමඤ්ඤ මහා නිකායේ මධ්‍යම පළාත් මහා සංඝ සභා රැස්වීම ඊයේ (18) පස්වරුවේ පැවැති අතර එහිදී අදහස් දක්වමින් පුජ්‍ය ගලහ සිරිසාන්ත හිමි මේ බව සඳහන් කර තිබෙනවා.