කිරි පිට උගුරේ ගිය මාස එක හමාරක බිළිඳා මරුට

මවගේ කිරි පිට උගුරේ යාම හේතුවෙන් මාස එක හමාරක් වයසැති බිළිඳෙකු ඊයේ (12) උදෑසන මියගොස් ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ හොරොව්පොතාන 77 කනුව,මොරකෑව ලිපිනයේ පදිංචිව සිටි නිපුල සංචන නැමැති බිළිඳෙකි.

ඊයේ උදැසන අටයි තිහට පමණ මෙම මරණය සිදුවී ඇති බව පොලිසිය පවසයි. ඒ මොහොතේ දරුවා මවගෙන් කිරි බොමින් සිට ඇති අතර පොලිසිය සැක කරන්නේ එහි දී කිරි පිටඋගුරේ යන්නට ඇති බවටය.