නෙළුම් කුලුණ ජනතාවට විවෘත වෙයි

නෙළුම් කුළුණ  සැප්තැම්බර් 15 වැනිදා සිට ව්‍යාපාරික කටයුතු සඳහා විවෘත කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය නිවේදනය කරනවා.

ලාංකිකයන් හට රු 2000 ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නා ඕනෑම අයෙකුට පෝළිම්වල රැදී නොසිට පරිශ්‍රයට ඇතුළු විය හැකි අතර, අවස්ථා කිහිපයක් වුවද කුළුණේ ඉහළට යා හැකි වෙනවා.

එමෙන්ම රු 500 ක ප්‍රවේශ පත්‍රයක් ලබාගන්නා අයෙකුට කුළුනේ ඉහළට යා හැක්කේ එක් වතාවක් පමණක් වන අතර. විදෙශීකයින් සඳහා අය කරනු ලබන්නේ 20$ ක මුදලක්.