පොලීසියට පහර දුන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

කුරුණෑගල, ගෝනගම ඉන්ධන පිරවුම්හලේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකර පහරදීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, බීමතින් පැමිණි අදාළ පුද්ගලයා පෝලිමට පිටතින් පැමිණ සිය යතුරු පැදියට ඉන්ධන ලබාගැනීමට යාමේදී පොලිස් නිලධාරීන් ඊට එරෙහි වී ඇති බවයි.

එම අවස්ථාවේ සැකකරු අසළ පැවති වෙළෙඳසැලකින් තියුණු ආයුධයක් රැගෙන පොලිස් නිලධාරීන්ට පහර දී තිබේ.