ඉන්ධන මිල පහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනයට සූදානම් බව බස් සංගම් පවසයි.
සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ ලේකම් අන්ජන ප්රියන්ජිත් මහතා පැවසුවේ, එය ජාතික ප්රතිපත්තියට අනුකූලව සිදුවිය යුතුව ඇති බවයි.
බස් ගාස්තු ජාතික ප්රතිපත්තියෙ සඳහන් වෙලා තියෙනවා 4%ක ප්රතිශතයකින් ඩීසල් මිල ඉහළ හෝ පහළ ගිය හොත් අනිවාර්යයෙන්ම බස් ගාස්තු ඉහළ දැමීම හෝ පහළ දැමීම සිදු කළ යුතුයි කියලා
මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, නිසි පරිදි ඉන්ධන ලැබෙන්නේ නම් බස් ගාස්තු සංශෝධනයට සූදානම් බවයි.

