ගබ්සා නීතියට එරෙහිව කෙල්ලෝ තවමත් අරගලයේ

ගබ්සා නීතියට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදයේ උද්ඝෝෂණ නැවතත් ආරම්භ වී තිබෙනවා. මේ වනවිටත් දසදහසකට ආසන්න පිරිසක් එරට ධවල මන්දිරය ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණවලට එක්ව සිටිනවා. අමෙරිකාව තුළ මීට මාසයකට පෙර ගබ්සාව නීතිවිරෝධී බවට නව නීති පනවනු ලැබු අතර ඊට එරෙහිව පුරා උද්ඝෝෂණ මාලාවක් ආරම්භ වුණා.