ගබ්සා කිරීම තහනම් කරපු නිසා – තරුණියන්ගේ විරෝදය

අමෙරිකාව තුළ ගබ්සා කිරීම තහනම් කරමින් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට එරෙහිව ජනතා විරෝධතා උත්සන්න වී තිබෙනවා.

වසර 49ක් තිස්සේ ව්‍යවස්ථානුකූල අයිතියක් බවට පත්වු ගබ්සාව වෙනස් කරමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ මෙම තීන්දුව ලබා දුන්නා.

ලොව සංකීර්ණතම නීති පද්ධතියකට හිමිකම් කියන අමෙරිකාව තුළ ගබ්සා සිදු කිරීම කාන්තාවන්ගේ ව්‍යවස්ථානුකූල අයිතියක් කරමින් මීට වසර 49කට පෙර රෝයි වී වේඩ් නමින් තීරණාත්මක ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ක්‍රියාත්මකව පැවති අතර එය වෙනස් කරමින් ගබ්සාව තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දුන්නා.

මෙම තීන්දුවට එරෙහිව වොෂිංග්ටන් නුවර ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ල ඉදිරිපිට දහස් ගණන් ජනතාව රැස්ව විරෝධතාවල නිරතවෙමින් සිටිනවා.

ඊට අමතරව අමෙරිකාව පුරාම මෙම විරෝධතා දියත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ද ඊයේ දිනයේ මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ එය ඛේදජනක තත්ත්වයක් බවයි.