ඉන්ධන පිරවුම්හල්වල රාජකාරී සිදුකරන පොලිස් නිලධාරීන් සමග ගැටුම් ඇති කරගෙන කලහකාරී ලෙස හැසිරෙන පිරිස් පාලනය කිරීමට නොහැකි නම් එම පුද්ගලයින් වීඩියෝ කරගන්නා ලෙස පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය කටයුතු කිරීමට එම දර්ශන භාවිත කරන බව පොලීසිය දැනුම්දෙයි

