දුම්රියෙන් ඇදවැටී තරුණයෙක් මරුට

මාතර දුම්රිය ස්ථානයේදී ඊයේ (17) රාත්‍රියේ සිදුවු අනතුරකින් තරුණයෙකු මියගොස් ඇත. මාතර දුම්රිය ස්ථානයේ බෙලිඅත්ත බලා ධාවනයට ගමන් ආරම්භ කළ සාගරිකා දුම්රියට ගොඩවීමට මෙම තරුණයා උත්සාහ කර ඇති අතර එහිදී ඔහු දුම්රියත් දුම්රිය වේදිකාවත් අතරට ඇදවැටී තිබේ.