එංගලන්තයේ සිටින සරණාගතයින් රුවන්ඩාවට

එක්සත් රාජධානියේ සරණාගතභාවය ඉල්ලූ පුද්ගලයින් පිරිසක් රුවන්ඩාවට ගෙනයෑමට සැලසුම්කළ පළමු ගුවන්ගමන අවසාන මොහොතේ අත්හිටුවීමට එක්සත් රාජධානියේ බලධාරීන් ට සිදුවී තිබේ. අවසාන මොහොතේ එම තීරණය වෙනස් කෙරුණේ මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණය කළ මැදිහත්වීමක් හේතුවෙනි.