මොකක් ද මේ විෂාදය ? ‘ඩිප්රෙෂන්’ Depression

ඉතිං කොහොමද ? සෑහෙන්න කාලෙකින් article එකක් ලියන්න හිතුවේ ගොඩක් අයගේ බලකිරීම නිසා. කොරෝනා ඉවර වෙලා දැන් අපි සරණාගතයොත් වුණා නේද එහෙනම් , හික්ස් xD . ලංකාවට වෙලා තියන දේවල් එක්ක ගිය ටිකේ article පෙනිලා අනේ හිටියේ, හරි හරි එහෙනම් බහිමු අද කතාවට , අද මං කතා කරන්න යන්නේ අමුතුම මාතෘකාවක් ගැන. අපේ තරුණ කොල්ලෝ කෙල්ලන්ට තියන ලොකු ප්‍රශ්නයක් ගැන. ඉස්සර කාලේ නම් ලව් එකක් බ්‍රේක් උනාම අපි විහිළු කරන්න ගත්තා මු පිස්සෙක් , මූට පිස්සු හැදිලා එකම දේ කියවනවා ‘ , වගේ දේවල්, ඇත්තටම පස්සේ තමයි වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්ක ලිපි වලින් , අන්තර්ජාලයෙන් හුවමාරු වුණ දේවල් එක්ක , ඒක ලෙඩක් කියල හොයා ගත්තේ. ඒ කියන්නේ සරළවම කියනවා නම් අපි අර විහිළු කරපු පිස්සා කියපු , යාළුවා ඉන්නේ අසනීපෙන්.

හරි දැන් මන් කිව්ව දේවල් එක්ක , පොඩි idea එකක් ඔයාලට එන්න ඇති කියල මට හිතෙනවා

විෂාදය හෙවත් ‘ඩිප්රෙෂන්’. ඇත්තටම මොකක් ද මේ ‘ඩිප්රෙෂන්’ කියන්නේ ?

හ්ම්.. සරළව කියනවා නම් ගොඩ කාලයක් ඉදන් හිතේ තියන් ඉන්න ප්‍රශ්ණයක් ඔය කාටවත්ම කියන්නේ නැතුව ඉදලා ඉදලා මානසිකව ඔයාට බලපාන රෝගයක් තමයි මේ විෂාදය නැත්තම් ඩිප්රෙෂන් කියල හදුන්වන්නේ. තවත් විදියකට තේරුම් කරනවා නම් ( ඒ කියන්නේ දීර්ඝ කාලයක් මුළුල්ලේ නිශේධනීය ආකල්ප වලින් පීඩා විඳීමේ රෝගී තත්වයකි ) දැන් තේරුණා නේ මොකක් ද මේ රෝගේ කියල.

හරි එතකොට කොහොමද මේ රෝග ලක්ෂණ ? නැහැ රෝග ලක්ෂණ වලට කළින් මේ රෝගේ අපිට කඩන්න පුළුවන් වර්ග කිහිපයක් තියනවා

1 දැඩි මානසික අවපීඩනය (Major Depression)
මේ තත්ත්වයේ දී ඔයාට ගොඩක් දුක හිතෙන සිතුවිලි විතරයි. ඔයාට හැම වෙලාවේම මතක් වෙන්නේ, ඔයා මීට කලින් ජිවිතේ ඔයා සතුටින් හිටිය කිසි දෙයක් ඔයාට මතක නැති වෙන්න ඉඩ තියනවා . කළින් සතුටින් මොනා හරි දෙයක් ඔයා කරා නම් හෝ මොනා හරි දෙයක ඔයා යෙදුණා නම් ඒ දේවල් වලට ආස නැති වෙනවා මේ රෝගය නිසා.

2 ද්වි ධ්‍රැව ආබාධ තත්ත්වය (Bipolar Disorder)
මේක ටිකක් වෙනස් විදියට තමයි රෝග ලක්ෂණ පෙන්නන්නේ. ඒ කියන්නේ දුක හිතෙන දේවල් වලට ඔයාට හිනා යනවා , කවුරු හරි දුකෙන් ඉද්දි ඔයාට පට්ට සතුටුයි ( අපි අර ගුළි කාලා ද කියල අහන්නේ ) අන්න ඒ වගේ සීන් එකක් තමයි මේ ” ද්වි ධ්‍රැව තත්ත්වය ” කියන්නේ. මේ තත්ත්වය Manic Depression විදිහටත් හඳුන්වනවා කියල වෛදයවරුන් පෙන්වලා දීලා තියනව. හැබැයි මේකේ සමහර අයට අසාමාන්‍ය අසාවන් වගේ දේවල් , හැගීම් එන්නත් පුළුවන් . තව සරළව කියනවා අසාමාන්‍ය විදියට ලිංගික ආසාවල් වගේ. ඔයාගේ සහකාරිය / සහකරුවා රිද්දලා ඔයා ලිංගික තෘප්තියක් ලබනවා වගේ දේවලුත් මේ කාණ්ඩයට අයිති වෙනවා.

3 මනෝව්‍යාධික විෂාද තත්ත්වය (Psychotic Depression)
මේක අයිති වෙන්නේ , ‘ ඇත්තටම වෙන්නේ නැති දේවල් ගැන ඔයාට ‘ පේනවා , ඇහෙනවා වගේ දේවල්. තව පැහැදිලි කරනවා නම් මැරුණ කෙනෙක් ඔයා එක්ක ඉන්නවා , ඔයා එයා එක්ක කතා කරනවා තනියම කියවනවා , විවිධ ශබ්ද ඇහෙනවා , ඒ කියන්නේ වෙන කිසිම කෙනෙක්ට ඇහෙන්නේ නැති සද්ද ඔයාට ඇහෙනවා.( අඩි සද්ද , හිනාවෙන සද්ද , කවුරු හරි අඩන සද්ද ) අන්න ඒ වගේ දේවල් තමයි මේ තත්ත්වයේ දී බලපාන්නේ

මේ ලෙඩේ ඔය වගේ තව category ගොඩක් තියනවා මන් අවශ්‍යම දේවල් ගැන විතරයි කතා කරේ, නැත්තම් ඔයාලට කම්මැලි හිතෙයි, පස්සේ මට බනී – මූ මේකේ ඕනි එකයි එපා එකයි ඔක්කම ලියලා කියලා. හික්ස්. . . අනේ මට බනින්න නම් එපා අයියෝ . . .

අහ්.. තව එකක් තියනවා ඒක ගැන කියන්නම ඕනි

Postpartum Depression
(PPD) කියල තමයි මේකට් කියන්නේ
මේක ඇති වෙන්නේ ඔය ළමයි හම්බෙන්න ඉන්න සහ හම්බුනාට පස්සේ ඇති වෙන ඩිප්රේෂන් තාත්තවක්. මේකත් ගොඩක් category වලට කැඩෙනවා ඇත්තටම මං මේකෙන් කියවෙන දේ සරළව කියන්නම්. මේක අධික මානසික විෂාදය තත්ත්වයක්, ළමයා හම්බෙන්න ඉන්න නිසා හෝ හම්බුනට පස්සේ ඇතිවෙන වගකීම් වගේ දේවල් දරා ගන්න බැරුව මැරෙන්න පවා හිතෙන තත්ත්වයක් , මේ ගැන ගොඩක් විතර කරන්න පුළුවන් සැහෙන්න කරුණු තියනවා මේ ගැන කියනවා නම් අවශම දේවල් ටික විතරක් මන් දැනට කියන්නම්

සරළවම කියනවා නම්
අඩු වයසේදී බලෙන් , ඒ කියන්නේ අනිත් කෙනාගේ අකමැත්තෙන් කරන sex නැත්තම් ලිංගිකත්වය මේකට ලොකුම හේතුවක්, බලෙන් හෝ දුෂණයක් අතවරයක් , වගේ දේවල් . ඊට පස්සේ එයා බයට කාටවත් කියන්නේ නැතිව ඉදලා ගැබිනියක් වුණාම ඒ ඇති වෙන පිඩනයට මේ Postpartum Depression කියන කරුණට තමයි අදාළ වෙන්නේ . තව හෝමෝන වෙනස් කම් , පවුල් ප්‍රශ්ණ , වගේ දේවලුත් අයත් වෙනවා. දැනට මේ පැහැදිලි කිරීම ඇති නේද ? තව සරළව කියන්න ගත්තොත් මේක 18+ වෙනවා , මාත් කියවන්න ගිහාම දන්නවා නේ කොල්ලා ගැන.

දැන් අපි බලමු කොහොමද මේ Depression නැත්තම් විෂාදය හදුනා ගන්නේ කියල – මොනාද රෝග ලක්ෂණ ?

කෑම අරුචිය
බඩ එලිය යනවා වතුර වගේ
ශරීරයේ බර අඩුවීම
ලිංගික ආශා අඩුවීම
ඔළුවේ කැක්කුම එනවා හැම වෙලාවේම
ඔසප් චක‍්‍රය වෙනස්වීම
රෝගය උත්සන්නවූ විට සියදිවි නසාගැනීමේ සිතුවිලි පහළවීම ( පොඩි දේවල් වලටත් මැරෙන්න ඕනි කියල හිතෙනවා )
මිත්‍යා විශ්වාස කරනවා
තමාට පිළිකාවක් ඇතැයි සිතීම
තමා මියයන බව නිතරම සිතීම
කිසිම හේතුවක් නැතුව සැක ඇතිකරගැනීම
තමා ගැන අඩු තක්සේරුවක් ඇතිකරගැනීම – ඔයා ගැන ඔයාට විශ්වාසයක් නැහැ
මළගිය පුද්ගලයින් කතාකරන බව ඇසීම
නිවසේ කිසිවෙක් නොමැති විටකදී පවා අඩි ශබ්ද ඇසීම
තමාටම වැරදි පවරා ගැනීම
අනාගතය දෙස අශුභවාදීව බැලීම
සෞඛ්‍යය තත්ත්වය පිරිහී යමින් තිබෙන බව සිතීම
තමන්ට රෝගාබාධ රැසක් වැළද තිබෙන බව සිතීම.

එත් මේ කිසිම දෙයක් ඇත්තටම ඔයාට නැහැ , එත් ඔයා හිතනවා මෙහෙම දෙයක් තියනවා කියල හැම වෙලේම.

ගොඩක්ම වයස 60න එහා අයට මේ විෂාදය තියනවා කියල වෛද්‍යවරු කියනවා. ඒ එයාලගේ වයසත් එක්ක මනසක තත්ත්වය තමයි ඒකට බලපාන්නේ , දරුවෝ සලකන්නේ නැහැ , සල්ලි ප්‍රශ්ණ වගේ ගොඩක් දේවල් එයාලට තියනවා නේ වයසත් එක්ක. එයාලගේ රෝග ලක්ෂණ හදුනා ගන්නත් මන් points ටිකක් දෙන්නම්

නින්ද යන්නේ නැහැ කොච්චර try කරත්
අක‍්‍රමවත් නින්ද – ඒ කියන්නේ විනාඩි පහෙන් පහට වගේ ඇහැරෙනවා
සුපුරුදු වේලාවට වඩා පැය කිහිපයකට කළින් නැගිටිනවා
සතුටින් ඉන්න ඕනි වෙලාවේ මූන එල්ලන් ඉන්නවා
කලකදී පි‍්‍රයකළ සංගීත,ටෙලිනාට්‍ය, චිත‍්‍රපටි ආදිය නැරඹිීමෙන් හා ශ‍්‍රවණය කිරීමෙන් වැළකේ හුදෙකලාව ආස කරනවා
නරක – මෙලෝ රහක් නැති සිතුවිලි පහළ වේ
බාහිර පෙනුම ගැන සැළකිල්ලක් නැ – ඔහේ ඉන්නවා හරියට ඇදුමක් වත් නැහැ
හිසකෙස් පිරන්නේ නැහැ
රැවුල කපන්නේ නැහැ
ඇසිපිය හෙළන වාරගණන අඩු වෙනවා
බලාගත් අත බලා ඉන්නවා – ඇහුම්කන් දෙන්නේ නැහැ

දැන් මේ මෙව්වා තියනවා කියල බය වෙන්න එපා. අනිවරෙන්ම වෛදය උපදෙස් ගන්න ඇත්තටම එක තමයි හොදම. කෙලිම කියනවා නම් , ප්‍රශ්නයක් තියනවා නම් , හිතේ තද කරන් ඉන්න එපා , විශ්වාස ඔයාගේ ළගම ඉන්න එක්කනට කියන්න , අම්මට තාත්තට කියන්න ඒ දෙන්න තමයි ඔයාගේ ළගම විශ්වසම තැන . නැත්තම් ළගම යාළුවට කියන්න මචං මට ප්‍රශ්ණයක් තියනව කියල. එහෙම කියන්න කවුරුත්ම නැත්තම් අනිවරෙන්ම මට මැසේජ් එකක් දන්න. මට පුළුවන් වෙයි වචනයකින් හරි ඔයාට උදව් වෙන්න . psychology counselling ගැන මන් කාලයක් ඉගෙන ගත්තා ඇත්තටම එක නිසා මට මේ article එක ලියන්න අමාරුවක් වුනේ නැහැ , මං එහෙම දෙයක් ඉගෙන ගෙන තියනව කියල අදටත් මගේ අම්මි අප්පච්චි දන්නේ නැහැ. හැබැයි උබේ ප්‍රශ්නේ , උබේ දුක නිවෙනකන් අහන් ඉන්න මට පුළුවන්. http://instagram.com/siri_soma ඕකට ඕනිම වෙලාවක මට මැසේජ් එකක් දාන්න ඔයාගේ දුක කියන්න කවුරුම නැත්තම්.

හ්ම් . . හිතුවට වඩා මේ article එක සිරාවටම දිග වැඩි වුණා. හැබැයි මොන හරි දෙයක් ජිවිතේට ඔයා එකතු කර ගත්ත නම් ඒක තමයි මගේ එකම සතුට. ලබන සතියෙත් එන්නම් අළුත් article එකක් අරගෙන . පරිස්සමෙන් කල්පනාවෙන් ඉන්න , ආදරේ – ලිංගිකත්වය විහිළුවකට ගන්න එපා ඒ තව කෙනෙක්ගේ ජිවිතයක්
බුදු සරණයි !

ධනුජය රත්නායක