ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා වෙත යොමුකර තිබේ.ඒම ඉල්ලා අස්වීම තමන් භාර ගත් බවත් ලංකා විදුලි බල මණ්ඩලයේ උප සභාපති නලින්ද ඉලංගකෝන් මහතා නව සභාපතිවරායා ලෙස වැඩ භාර ගන්නා බවත් කාංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

