ගෑස් බෙදාහැරීම පිළිබඳව ලිට්රෝ ගෑස් සමාගම විශේෂ නිවේදනයක් නිකුත් කර ඇති අතර හෙට දිනයේ ගෑස් බෙදා හැරීමක් සිදු නොකරන බව ලිට්රෝ සමාගම පවසනවා.
තව දින කිහිපයකින් ගෑස් බෙදාහැරීමට නියමිත බව ලිට්රෝ සමාගම සඳහන් කළා. මේ අතර කොළඹ, ගම්පහ සහ කළුතර ප්රදේශ සඳහා අද ගෘහස්ථ ගෑස් බෙදාහරින බව ලිට්රෝ සමාගම පැවසුවා.
දින ගණනාවක සිට වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟය හමුවේ ලිට්රෝ පාරිභෝගිකයින් ගෑස් මිලදී ගැනීම සඳහා අදත් පෝලිම්වල රැඳී සිටින අයුරු දැකගත හැකි වුණා. මෙවැනි පසුබිමක ගෑස් මෙට්රික් ටොන් 2000 ක් රැගෙන ඊයේ පෙරවරුවේ මෙරටට පැමිණි නෞකාවේ තිබූ ගෑස් අද පෙරවරු 8.30 වනවිට ගොඩ බා අවසන් කෙරුණා.

