පෙර පාසල් ගුරුවරුන්ට 2,500/-ක දීමනාව අද සිට

පෙර පාසල් ගුරුවර / ගුරුවරියන් සඳහා යම් නිශ්චිත පුහුණුවක් ලබාදීමෙන් පසු ඔවුන්ට ලබාදෙන මාසික දීමනාව ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබෙනවා.

ඒ අනුව මාසික ලබාදුන් රු 250ක දීමනාව රු 2,500ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

අද (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම ගෙවීම සිදුකිරීමට නියමිතයි.

එහි පළමු අදියර ලෙස හඳුනාගත් නිර්ණායක මත පදනම්ව සුදුසුකම් ලැබු පෙර පාසල් ගුරුවරු 25,000ක් සඳහා එම දීමනාව ලබාදීමටත් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ලබාදුන් යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.