“ස්පුට්නික් – V” එන්නත් මාත්‍රා 50,000 ක් අද රාත්‍රියේ දිවයිනට

“ස්පුට්නික් – V” කෝවිඩ් මර්ධන එන්නත් මාත්‍රා 50,000 ක් අද රාත්‍රියේ දිවයිනට ළඟාවීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

ඒ රජය විසින් රුසියාවෙන් ඇනවුම් කල ස්පුට්නික් – v එන්නත් මාත්‍රා තොගයේ දෙවැනි කොටස ලෙසටයි.