සුදුසුකම් ලැබූ ජනතාවට සහන මල්ලක්

කොවිඩ් වසංගත තත්වය නිසා හුදකලා කර ඇති ප්‍රදේශවල සුදුසුකම් ලැබූ ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය ඇතුළත් සහන මල්ලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් එම සහන මලු ලබාදිය යුතු පිරිස් තෝරාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.